Monday, December 13, 2010

අරුත් සුණු ප්‍රේමයක

තරු අහිමි රැයක
අහසේම ලිව්වා මං
නිළ නොවෙන පෙම් කවිය
නුඹට නොපෙනුනාට කම්නෑ
නිසල ලොව ඇසිල්ලක
හුළඟටම කිවා මං
නිළ නොවෙන පෙම් කවිය
නුඹට නොදැනුනත් කම්නෑ
අරුත් සුණු ප්‍රේමයක
අදත් හිත අඬයි නම්
නිළ නොවෙන පෙම් කවිය
නුඹට කුරුටු ගෑ බව කියන්නම්
එදා මෙන් නැති අදක
නුඹට නොහැඟුනත් කම්නෑ
මං හොරෙන් අඬන්නම්
මගෙ කවිය රකින්නම් ..........

Saturday, August 28, 2010

එපා නුඹ සමුගන්න....

ඇඟිලි තුඩු මතින් වත්
ප්‍රේමයට ඉඩ දෙන්න
ඇස් කෙවෙණි අඟින්
එපා නුඹ නික්මෙන්න
දුර වුනත් නවතින්න
එපා නැවිත් ඉන්න
නුඹ නමට නවතින්න
අදට මට ඉඩදෙන්න............

Saturday, July 24, 2010

තරුවකට පෙම් කරපු එළිය ගැන කවි ලියුවා මම

නිහඬ කර මැදියම
තරවටු කොට සුළඟට
තරුවකට පෙම් කරපු
එළිය ගැන කවි ලියුවා මම
හිනහුනා දුලන වාරයක් පාසා
දුර ගෙවන් මඟ අහන්
කඳුමුදුනකට ආවා මම
තනියම.....
ඉන්න බෑ දුකයි දුර
තව එන්න බෑ ලඟට
තව දුකයි මගේ හිතට
පියවරක් තව ලඟට
ඇවිත් ආයෙමත්
මං සංහිඳ පාමුල..............
සුනුවිසුනුය පෙම..........
සුනුවිසුනුය මම..........

Tuesday, June 22, 2010

FaLl iN ;oUt Of LoVe

in the moment so high
hear your heart sing a melody
stars will shine your eye
for some one you say my
wind low in the sky
sing you a lullaby
you keep blinks out of the eye
for some one you say my
stars never shine for ever
there are shooting out of glitter
tears won't stop; life get gloomier
for some one you said my
falling in was sweeter
falling out is bitter
your heart is getting failure
for some one you said my

Monday, June 21, 2010

close your eyes it's dusk already.I want wiper your ear something stay steady.shhhhh just listen gently. it's not the wind its my heart beat swiftly.now open your eyes look at the sky.YA ITZ ME TWINKLING BY,FOR YOU AS ALL WAYS COZ I'M YOUR STAR ...................*....................

Just remember all the stars I sent ,just remember all the smiles we meant , just remember the moments I spent ,just remember to not to forget me after I'M GONE,coz I WON"T FORGET YOU!

Wish some times,time should stuck in its own some time wish to fast forword it but most of all wish to go back in time;either way no choice can be make,choices are already made .....

In a middle of ma worst nightmare,I'm dreaming a little; that little may be it will end hollow,and after the whole nightmare I would in in pieces,crazy & alone.yet I can't get over neither from the huge nightmare nor the little dream .................

Jealousy is that pain which a man feels from the apprehension that he is not equally beloved by the person whom he entirely loves”~Joseph Addison~ thus they say being jealous is a sin, but I say the sin is loving some one entirely.~Madhubhashini~

I'll keep quite,I'll keep wordless lips; I'll walk away without a complain, I'll cry only in rain, I'll smile when u ask me to, I'll be there for u what ever you do, ...but please don't say you'll leave , coz I don't want you to leave, When I still have so much to say. Promise you'll never forget me, I promise I'll never forget you.

Monday, May 31, 2010

රෝමියෝ;ජුලියට්

සඳලුතලාවට සොමි කැලුම් ගලා නුඹ නහවන්න
ඝන අඳුර කපා නුඹ ,නීල අසු මතින් නුඹ වෙතට එන
කාලය අවසන්ය;අද අමාවක රෑය
රන් රිදී වජ්‍රෝත අතුල පියගැට බැස
ලේ වැකුනු පය තබා එන්න
ද්වාරය විවර කරන්න
ජුලියට්............
අසිපතට අසිපතින්
ආලයට වෛරයෙන්
පිළිතුරු සොයන්න ලොවක
ජිවත් වෙන්න බැහැ අපිට
ජුලියට්............
පමා විය බසින්නට සඳලු තලවෙන් බිමට
ආ මඟ දුෂ්කරය;ලේ ගලයි මඟ දිගට
අද අමාවක රෑය කොහෙද නුඹ
රෝමියෝ.............
නිසල සිතල රැයේ -නිදහසේ සුළඟ සේ
පවුරු නැතිලොකයට
එන්න අපි යන්න යමු
අසිපතට අසිපතින්
ආලයට වෛරයෙන් පිළිතුරු සොයන්න
ලොවක ජිවත් වෙන්න බැහැ අපිට
රෝමියෝ.............

Thursday, May 27, 2010

නුඹ නමට.....

රාත්‍රිය නිහඬ කර
ඇසිපියන් වසනු මැන
ගව් ගණන් දුර ඈත
ම'හද ගැසෙනු ඇසෙනු ඇත
නුඹ නමට......
කැටිව හද හඬ තලන
වදන් නවතනු මැන
කොහෙන් සොයනුද
හැඟුම් පවසනුව
ම'වදන් ඉකිත්ව ඇත
නුඹ පෙමට......
මා වට කොට රඟන
සිත සිර කරනු මැන
නොලබෙන සිසිලතට
ම'ඟිලි තුඩු දිගු මදිව ඇත
නුඹ දෑතට......

Wednesday, May 26, 2010

ලොවම මට කියාදුන්

නිසල දිය සසල විය
වැටුනු ගල් කැටයකින්
සුනිල දිය කළල් පැහැ වීය
එක ක්ෂණයකින්...............
සුනිඳු සඳ මඩල
වැසුනි කාල මේඝයෙන්
හැරගියා සෙවනැල්ල
හැමවිටම ලඟම හුන්...........
මල පරව වැටුනි යන මග
විකසිතව සුවඳ දුන්
සොඳුරුව සිත සැනසු එ'මල
වෙනස් විය මොහොතකින්.........
වට නීල වරුසාව
සමඟ රන් හිරු රැසින්
නිමා විය දෙදුන්න
ඉක්බිතිව වරුසාව;මැකී පාට පාටින්
බෝ අරණ
සිත නිවයි කියා බණ පදයකින්
බුදුදහම උගත්තෙමි
ලොවම මට කියා දුන්............

ගැහැණියක් ලෙසින් (මා ඇසූ කථාවක්)

මේඝයකි ගැහැණිය
මොහොතින් මොහොත වෙනස් වන
චපලය සුළඟක් සේ ළඟ වෙලීහිඳ
ඈත වෙනතකට හමා යන
ඔබ දකිනුයේ එසේය.
නමුත්!ජීවයේ උල්පතයි....
ආදරේ හොඩියයි ගැහැනිය...
අහෝ! එහෙත් පිරිමියා;
මේඝයන් වට කඳුලැලි වැස්සෙන්
ජීවන කතරේ අස්වනු වපුරා
බමන්නේ ඇයටයි.
සුළඟක් සේ දිගින් දිගත
වෙලි පැටලී යන
සිසිලස විඳ
අපහාසයේ දුමාරයෙන්
එය වනසා දමන දාහකයයි.....
එතින් කිමද මේ මේඝය සුළඟ ගැන පමණක්ම කථාව

Tuesday, May 4, 2010

සින්ඩ්‍රෙල්ලා;නුඹව නොපෙනුන නම්........

නයන යුග සනසනා
රුවක් නැති නම් මනබඳන.........
හඳ පාන යට නුඹව නොපෙනුන නම්......
විසුල තරු කැට අරන්
නුඹේ පය ලා ගත්ත පාවහන්
පැකිල නොතබා යන්න අමතක වුනා නම්.....
සින්ඩ්‍රෙල්ලා අද නුඹත් කොහෙවේද?
මග තොටක..............
කඩ පිලක............
කිරීටෙට අභියසක............
නුඹත් තව එක තිතක්
සිත බැඳුනු කුමරුට නුඹව නොපෙනුන නම්........

Friday, April 23, 2010

ගලක් අද මගේ හිත

තරු මුතු පැළදූ රැයට
කුමුදුණියක්
සුදු සුමුදු සුවඳ
කල්ප ගණනකට පෙර
ප්‍රේමයේ උල්කාව
පෙම් බැන්ඳ විල් තෙරට
කඩා වැටෙන්නට පෙර
දරණු බැරි උණුහුමට
තද වෙලා ගුලිවෙලා...
ගලක් අද මගේ හිත
රළු පරළු කළු
විල් දියත සිසිලස නොදැනෙන්නේය මට............................

Monday, April 19, 2010

අරුන්දති

යන්නටද මත්තෙන් මරුණු ඒ හිරු
නුඹ හැමදාම මොකටද ඔච්චම්............
දස දහස් උඳුල තරු 'තුරින්
නෙතු ළඟම කිමද මට සරදම්..............
මුලුරැයක් නිදිවරා
ලියුවත් නුඹ ගැනම කවිකම්.............
නුඹ ඔතැනයි මා මෙතැනැයි
මකනු හැකි වෙද මගේ තනිකම්..............

හිතුවක්කාර වැහි වලාකුළ

එපා කියල එන්න
කිව්ව ඇසිල්ලෙන්
වහා ගෙන ඇස් දෙකෙන් පෙන මානෙම
හීතලට හිතත් ගල් කරගෙන
මගේ උණුහුම් කඳුල උඩින්
නුඹේ සීතල කඳුල තියලා
පිපී ගෙන ආ මල් ඔක්කෝම තලලා.....
නුඹ නම් හරිම හරි හිතුවක්කාරයෙක්!
මගේ ලෝකයම වෙනස් කරලා
දැන් ආවානම් එපා ඔන්න අයෙමත් යන්න
හිතුවක්කාර වැහි වලාකුළ

Wednesday, April 14, 2010

රොබරෝසියා

බොහෝ වේලා මහමඟ අසළම රැඳී සිට දෙපා මෙන්ම හිතත් හිරිවැටී ඇති සෙයකි.මගේ අසල්වැසියා මා කථාවකට ඈඳා ගැනීමට දරණ තැත මුවඟට සිනාවක් නංවයි.ඔහුගේ වියපත් මුනේ දක්නට ලැබෙන ජීවිත කථාව මුවින් පිට වෙන කථාවට වඩා සිතඇදගන්නා සුලුයි සිතමින් හු මිට තැබීම් හැර වෙන යමක් කිරීමට සිත අවසඟය. "මේ වතාවේ පෝයටවත් සිල්ගන්නවා කියලා මං නෝනට කිව්වා.ඒකයි මං මේ යන්නේ.මහත්තයත් ඊළඟ වතාවේ පෝයට එන්ඩ.තනියම සිල් ගන්නවා කියන්නෙත් එපා වෙන වැඩක්!" වත්ත සුද්ද කරන එකත් තියලයි මේ ආවේ.කොහෙද ඉතින් බේරෙන්න බැනේ." ඇසිපිය ගසන තරමට ඉක්මනට නොවුනත් කාලය සැබැවින්ම ඉක්මනට ගෙවී අතැයි මට සිතේ.පාසල් යන්නට නැවැති සිටි නැවතුමේම වසර ගණනක් ඉකුත්ව සිටගෙන සිටිනා කල්හි සිත පොර නොබැඳීමම විශ්මයකි.අසල්වැසියගෙ කථාවට තිත තබමින් ඈතින් එන බස් රථය හිතට මෙන්ම දෙපයටද සැනසුමක් ගෙන ආවේය. "මං මේකේ යන්නම් බලමුකෝ එන පෝයට.." ඔහුටද සැන්සුමක් දෙමින් කථාවට තිත තෙබු ඉනික්බිතිව බසයට නැගුනු ක්ෂණයෙන් සිත කෑගසන්නට විනි.මගේ අසල්වැසියා ,ශාන්ත මෙන්ම මාත් වියපත් වැඩිහිටියෙකි.මා කළයුත්තේ ද බණක් භාවනාවක් කරගෙන සිටීම නොවේද?ඒත් ශාන්ත මා නැවතුණු තැනින් කොපමණ දුර ගොස් ඇතිද?බිරියක් දරු මුණුබුරන් සහිත කුටුම්බයක් විශ්‍රාමික සුවයක් සේම මිනිසෙකුගෙ පොදු සිහින හේ යථාර්තයක් කර ගෙන ඇත්තේය. නමුත් කාලයට මා පසුකරයන්නට ඉඩදී සිතාමතා නොවුනත් මම පොදු යථාර්තයෙන් බැහැර වී ඇත්තෙමි. ජනේලයෙන් ඉවත බැලූවිට පෙනෙන දසුන සිත්තරෙකුගේ සිතුවමක් බඳුය.රොබරෝසියා මල් වැටුනු මාවතේ බස් රථය ඇදෙමින් පවතී.නෙත් අලවනසුලු ලෙස මලින් පිරී ගිය රොබරෝසියා මලින් පිරී ගිය ගස් දැකීමත් සමඟ සියුම් සුසුමක් මුවෙන් පිට වුනේ නොදැනීමය.රොබරෝසියා මල් මගෙ මතකය ඇදුම් දීමට තරම් රළු යැයි කිසිවෙකුට ඉඟියකුදු නොවීමට මම ඉවත බලා ගත් වනම සිටියෙමි. මම තවත් සුසුමක් හෙලීමි. 'මොන ලස්සනක් ද?ඔය මල් හෙට පර වෙනවා.' 'වාහන වලට චප්ප වෙලා යනවා' මා හිතත් එක්ක තර්කයට වැටුනේය.බස් රථය නැළ්වෙමින් ගමනනාන්තය දක්වා සිය ගමන යයි.රොබරෝසියා මලක් මෙන් මගේ සිත පරව යයි. "මේ මල් හරිම ලස්සනයි නේද?හීනයක් වගේ...." අවදිවුනු මතකයෙන් නැඟී එන කාන්තා හඬ දෝංකාර හඬ නංවයි.සත්‍යයකි.එය සිහිනයක් විය යුතුමය.මේද සිහිනයක් යැයි මට සිතේ.තිගැස්සී ඇහැරුනු ඇසිල්ලකින් මේ මා දකින අසුන්දර සිහිනය බොඳව ගොස්,එක්ව මැවු සිහිනයක මා නැවත නිදිවරනු ඇත.මගේ ඇස් මගේ ඇඟිලි වෙත යොමු වුනේ නිතැතින්මය.උණුසුම්ව ඒ ඇඟිලි අතර සිරවුනු සිනිඳු ඇඟිලි ඒ හීනයේම කොටසකි.රැළි වැටුනු අඟිලිවෙතින් මම නෙත් ඉවතට ගතිමි. බසය වැව රවුමට වෙනතෙක්ම පැමිණ ඇති සුළඟත් සමඟ ඉදිරි අසුනේ සිටි තරුණියගේ කෙස් කළඹ මාගේ මුහුණ මත රැඳුනි.නාස් පුඩු විනිවිද ගිය එහි සුවඳ මතකයක නෂ්ඨාවශේෂ නැවත රැගෙන ආවේය.දෑතින්ම එය ඉවත් කර නැවත ජනේලයෙන් ඉවතට නෙත් යැවීමි. "සොරි අන්කල්" තරුණියකගේ කෙඳිරිල්ලකි.මා ඉවත බලාගත් වනම සිටියෙමි. උ/පෙළ කඩඉම දක්වා ජීවිතය තුළ කෙතරම් සොඳුරු කාන්තා රුවන් දෙනෙත් මත ඇඳුනත්;සරසවිය තුළ ඇසගැටුනු ඇය තරම් ඒ රූ සිත් රැඳුනේ නැත. ශිෂ්‍ය සංගම්,සමිති සමාගම් පොත් පත අතර මගේ විප්ලවකාරී යෞවනය ශිලක්ව තිබුණත් අතීතයේ දිනක මේ වැවරවුම වට අතැඟිලි සිරකරගෙන ඇවිද ගිය ඕ සිත මලක් මෙන් සුමුදු කළාය. දැන් සිත මලක් මෙන් පරව යා යුතුය.... බස් රථය වාහන තදබදය අතර සිර වුනු අතර මා සිතුවිලි අතර සිර විනි. වැව් දිය මත රැළි ඇති වෙමින් නැති වේ.ජල තලය සිපගත් රොබරෝසියා මල් මගෙ සිත දවයි. ඇය මුලින්ම දුටු දිනය මා මතකයෙන් බෙහර නොවේ.දුටු පමණින් මා ඇය වෙත බැඳුනෙම්ද?නැත නැත...මා සිත පැහැර ගත්තේ ඇගේ රුවම පමණකදු නොව. සරසවි ශිෂ්‍ය සංගමයේ රැස්වීමක සිසුන් අමතා කළ කථාවෙන් පසු ඇසුණු ඇගේ හඬ මා සවනතේ යලිත් ඇසෙයි. "ඔය කියන සමාජවාදේ කරන්න තමා බැරි! බලන්න අසූ ගණන් වල කී දෙනෙක් තරුණ අය මැරුණද?ඔය මහ ලොකුවට කෑ ගහන පක්ෂ එදා මැරුණු එක ජීවිතයක් ගැනවත් හිතනවද?ලෙනින්ලා,කාල් මාක්ස්ලා කියන සමාජවදේ ඔතන නෑ...සටන් කරලා අයිතිය දිනා ගන්න ඉස්සල්ලා,සටන් කරන මනුෂ්‍යත්වෙයි දිනා ගන්න ඕනි. රතු අඳින්න ඕනි,විප්ලවකරයො වෙන්න ඕනි;ඉස්සල්ලා මිනිස්සුන්ගේ හිතේ ,මනුස්සකම ඇතිකරවන්නයි ඕනි....ආණ්ඩු පෙරලන්න කලින් මිනිස්සුන්ගේ හිත් පෙරලන්නයි ඕනි" ඇය විවේචනය කරමින් සිටියේ මගේ කතාවයි.ක්ෂණයෙන් මා ඇය වෙත හෙලු බැල්ම ඇය නිහඬ නොකල බව මට මතකය.ඈතින් ඈතට පියමනින විට ඇයට අභියෝග කරන්නට මගේ සිත නොදැමුනු බවද මතකය. මගේ සිතුවිලි මෙන් බස් රථයද එක තැන නැවතී ඇති සෙයකි.සරසවිය තුළ මට පාඩම් ඉගැන්වු ගුරුතිමිය වූයේ ඇයයි.විවේචන තර්ක විතර්ක පමණකදු නොවආදරයේ හන්තාන හෝඩියද මට උගැන්වූවේ ඇයයි.විටෙක ළදැරියක් මෙන් සිනා සෙමින් බොළඳ කථා කියන ඇයම විටෙක මාගේ බරපතලම විවේචිකාව බවටද පත් වේ. 'මතු දිනක මේ පිටුව දිරාගොස් මැකී ගිය පසුද වචනද... ඉනික්බිතිද නුඹට මා මතක නම්...... එපමණයි අවැසි මට මගේ විප්ලවකාරයෝ....' බස් රථය සෙමින් ගමනාන්තය දක්වා පැමිණ ඇත. "ලියුමක් වත් එවන්න මට....මාව අමතක කරන්න එපා..." මෙතැනම ඇය පැවසූ වදන් තවමත් මට සිතට බර වැඩිය. මා ඇය අමතක නොකලෙමි.නමුදු ඇයට මා අමතක නොකරලන්නට මතක් කර දිය නොහැකි විය. "කැම්පස්,පේරාදෙනිය,පේරාදෙනිය" මහ හඬින් කන අසල ඇහෙන හඬ තවත් දිග සුසුමක් පිටතට හැරලූයේය. "කැම්පස්,පේරාදෙනිය,පේරාදෙනිය"

සකුණ ගී

උස් උස් තුරු හිස් සෙවෙණිය මත එකළු කෙරූ
වසන්තය ලඟ එතැයි කී සොඳුරු කොවුලාන කන්කළු
මොදිත සිනාවකට නුඹ මට පාර කියු...
අදත් වසන්ත ගීතය නිසැඳිව ගැයු
සකුණ නුඹේ කව මගෙ කඳුළකට වග ලියු

කවි පිටුව

විඩා බර හිරු නිවී යන්න
මොහොතකට පෙර
හිඳ ගතිමි පුටු කොණෙක නුඹ එක්ක....
ගොඩ ගැහී කවි මගෙ
අහිරිල මුලු ඉඩම
එත් කමක් නෑ නවතින්න නොයා හුළඟත් එක්ක
හති වැටුනු හදවතට
කොඳුරමින් කවි කිය කියා පියඹන්න
කමක් නෑ නවතින්න නොයා හුළඟත් එක්ක....

මතක රළ

බිඳී නිහඬව ඇදී ගොස් දුර
නැවත නුඹ වෙතම එන්නෙමි
මතකයේ යලි හැපි හැපී මා
හඬා නැවතත් එයම සිප ගමි
රළක් සේ බිඳී දහස් වර
රිදුනු මුත් නුඹ ළෙයෙහි හිස ලමි
බිඳෙන් බිඳ වෙන් වුවත් හිත් රළ
සුසුදු වැලි සිත තලා නොදමමි

Sunday, March 7, 2010

කුණු කුනු

දෑතින් වසාගෙන
රතු පාට තොල්පෙති
නාසයද ඉනික්බිති...
හිමපාට කම්බුල් මත
රඳා නොකැමති
ලාලාට පෙනුමෙති...
දිගැස් ලඟා
ආගන්තුක හිනාවකට
අකමැති
කෙනෙක් වෙති...
කුණු ලොරියෙ කොල්ලාට
හිනා නොවුනාට කමක් නැති;
හිතවතී.....
ඒත්; කිමද මේ 'කුණු' කුනුව
කගෙවත් නොවේ
ඒ අපේ කුණුය
ඔහු අතැති.....
දුර කුලක් වී මහ වැස්සක්...........
නුදුන මුත් වියැලෙනා පොලවට
පිනි බින්දක් වත් වෙයන් මට
කර්කශව ඉරි තලා නොයනට.....

ආදරණීය දුෂ්යේන්

පොප්ලර් ගස් මුදුන්
සිප ආ මාරුතය
දැන් ගිහින් හුඟ වෙලා....
නුඹ තාම ආවෙ නෑ
හමුවෙන්න අපි පැතුව
වසත් කළ නිමවෙලා
ගිම්හනත් එලඹිලා
ඒත් නුඹ තාම නෑ
එකින් එක කඳුලැලි
බිඳෙන් බිඳ ගිලිහිලා
කඳුලැලිත් වියැලිලා.......
දහවලම නික්මගොස්
රාත්‍රිය එලඹිලා
මඟ බල හිටිය මං
ඇස් රිදෙන තුරා
එත් ආදරණීය දුෂ්යේන් නුඹ තාම ආවෙ නෑ........
-නුඹේ අල්තිනායි-

Thursday, March 4, 2010

සඳවතෙන් කවියක්..

නැතිව ඔබ මම
තවත් එක කෙම් බිමක්
ජීවයෙන් තොර
අමිහිරි කර්කෂක
නමුත් අද.........
කවි පොතෙ මුල් කවිය
සිත්තමේ මුල්පිටුව
මමයි සෞමය සඳවතිය...
ගිනිගෙන දැවෙන
හදවතම නොවසා
අවදි කරවන ජීවිතය
අරුණළු සමඟින්
රැදුරු වුවත් ලෝකටම නුඹ
මට නම් ඔබමැයි
ලොවැති සොඳුරුම
ගිනිගන්න හදවතින්
මා සෞමය කරනා
සුපෙම්බර හිරුමඬල........

.............................

ඇවිද යන්න නුඹත් එක්ක
හීන මවපු මල් පාරේ
කුඩේ යටින් හිනා වෙවී
"අපි යමු" යැයි නුඹ කිවම
හීල්ලුන මට නොදැනිම
මට හිමි තැන ඇය හිටියම.........

මජ්නූ........

වැලි කතර සිප ආව
හුළඟ නැවතිලාද
ලයිලා...
දවන හිරු කෙමි
අද මගේ හිත තරම්
දැවෙන්නෑ
ලයිලා....
කෙම්බිමක් කිය කියා
මිරිඟුවක මං රැවටිලා
ලයිලා....
නිදිබරයි වැලිකඳුත්
හිත මගේ නැවතිල
ලයිලා......
ඉරිතලපු හදවතින්
වැතිර මං මේ බිමේ
නුඹෙ පා පොඩි තියපු
වැලිකැට සිඹින
මං මෙතන ලයිලා....
නුඹෙ සුවඳ තවරාපු පණ ගැහෙන හදවතින්
වැලලිලා..................
මං මෙතන ලයිලා

නිරිත දිග සුළඟ නුඹ

මතකයන් දියකරන්
කොළපාට කොළයක
මුතුපට වැහි බිංදු
වැදි වැදී වැටෙනවා...
අදත් මෙ ඇසළ වැස්සට
මගෙ ගත තෙමෙනවා...
ගුරුපාට තවරාපු නැඹුල් ලෝකයම
හෙමි හෙමින් නුඹේ නම කියනවා..
ලංව නැවිත් හොරෙන්
අර පේන අහස යටට වැහි කෝඩයම ඇදන් ආ
නිරිත දිග සුළඟ නුඹ
ඈතින් වෙල හිඳ කඳුලු සුන්දරයි කියනවා......
නුවර වැව වගෙ එක් කරපු ආදරේ
මෙ සුළං රැළි වගෙ ගොළු නොවී තිබුනනම්
ඒත් එදා වැහි කෝඩයට
ඔය ඇස් බැල්ම යට
අතරමං වුනු
හිත තාම ගොළු වෙලා
ගොරව ගොරවා වැටෙන
හීන තව එහෙම මයි
තෙමි තෙමී ඇසළ වැහි තියනකල් හැමදාම
එදා වගෙම අදත් මම
හොයන්නේ නුඹේ නෙතයි

මේක ගොඩක් කල් මගෙ දිනපොතෙ හිර වෙල තිබ්බ මං හොයන්නෙ මෙ වගෙ ආදරයක්!ප්ලුටෝනික ආදරයක්!මිනිස්සු ආදරේ කරන්න ඕනි මතුපිට පෙනුමට නෙවෙයි!ඇතුලත පෙනුමට...........

Wednesday, March 3, 2010

සමනළුන්ට වෙඩි තියන්න..............

ඉර කොනිති ගා බැරිද
රැය යළිත් කැඳවන්න
නුඹේ සඳ නොවෙයි මට
මගෙ තරුව දැකනන්න...............
නිල අහස දැකගන්න; බැරිද
මකුළු දැළ නොබිඳින්න
පිනි බිඳක් දිලිසේවි
තුළින් එය දැකගන්න.................
ඇසිපියන් යට බැරිද
උණු කඳුල රැකගන්න
කඳුල නැති ලොවකට
මගෙ අත අරගන්න.................
හැකිවේද මුදු නොවි
රළු පරළු ශිල වෙන්න
හදා ගන්නට නොවේ
මගෙ හිත බිඳ ගන්න..................
ඔහේ සියුමැලිකමට
හැකිවුනත් පියඹන්න
බැරි වෙයිද හෙමිහිට
සමනළුන්ට වෙඩි තියන්න...............

Tuesday, February 23, 2010

You'll catch me when you fall ?!?!

You said me "I'll catch u when u fall"
so I came climb till the stars...
to fall deepest as I cloud!!
I should walk to the highest
so I did...
I fall for you
and now I'm falling too deep
but where is you to catch ....
sleep with eyes shut
so u did!!....

සදා කාලික පෙමක් ළඟ.................

ඇසි පියන් ගෙවෙන
නුඹ දිහා බලා ගෙන
නොබලාම නොයනු මැන
හීල්ලුවා මං
අහම්බෙන් දවසක
නුඹේ ඇස් මගේ ළඟ
නැවතුනා නුඹට මතකයිද මංදා
එදා ඇස් දෙක ළඟ
නුඹට මා මටද නුඹ
උරැම නැති ලෝකයක
අපේ හුස්ම නැවතුනා
සදාකාලිකයි මම
සදාකාලිකයි නුඹ
සදාකාලිකයි ආදරය ළඟ
වෙන් කරනු හැකි නම්
එඩිව ලෝකය යට කිව්වාද මතකයි.........
කාලයේ පුලින තල යටක
වැලලුවා නුඹලා .......
මතකයන් හුදු නොවන
අප අපම
දෙනෙත් හැර බලනු මැන
නොදත් පෙමක් ගැන
අපි තාම අපේ වග
සදා කාලික පෙමක් ළඟ..................