Monday, May 31, 2010

රෝමියෝ;ජුලියට්

සඳලුතලාවට සොමි කැලුම් ගලා නුඹ නහවන්න
ඝන අඳුර කපා නුඹ ,නීල අසු මතින් නුඹ වෙතට එන
කාලය අවසන්ය;අද අමාවක රෑය
රන් රිදී වජ්‍රෝත අතුල පියගැට බැස
ලේ වැකුනු පය තබා එන්න
ද්වාරය විවර කරන්න
ජුලියට්............
අසිපතට අසිපතින්
ආලයට වෛරයෙන්
පිළිතුරු සොයන්න ලොවක
ජිවත් වෙන්න බැහැ අපිට
ජුලියට්............
පමා විය බසින්නට සඳලු තලවෙන් බිමට
ආ මඟ දුෂ්කරය;ලේ ගලයි මඟ දිගට
අද අමාවක රෑය කොහෙද නුඹ
රෝමියෝ.............
නිසල සිතල රැයේ -නිදහසේ සුළඟ සේ
පවුරු නැතිලොකයට
එන්න අපි යන්න යමු
අසිපතට අසිපතින්
ආලයට වෛරයෙන් පිළිතුරු සොයන්න
ලොවක ජිවත් වෙන්න බැහැ අපිට
රෝමියෝ.............

Thursday, May 27, 2010

නුඹ නමට.....

රාත්‍රිය නිහඬ කර
ඇසිපියන් වසනු මැන
ගව් ගණන් දුර ඈත
ම'හද ගැසෙනු ඇසෙනු ඇත
නුඹ නමට......
කැටිව හද හඬ තලන
වදන් නවතනු මැන
කොහෙන් සොයනුද
හැඟුම් පවසනුව
ම'වදන් ඉකිත්ව ඇත
නුඹ පෙමට......
මා වට කොට රඟන
සිත සිර කරනු මැන
නොලබෙන සිසිලතට
ම'ඟිලි තුඩු දිගු මදිව ඇත
නුඹ දෑතට......

Wednesday, May 26, 2010

ලොවම මට කියාදුන්

නිසල දිය සසල විය
වැටුනු ගල් කැටයකින්
සුනිල දිය කළල් පැහැ වීය
එක ක්ෂණයකින්...............
සුනිඳු සඳ මඩල
වැසුනි කාල මේඝයෙන්
හැරගියා සෙවනැල්ල
හැමවිටම ලඟම හුන්...........
මල පරව වැටුනි යන මග
විකසිතව සුවඳ දුන්
සොඳුරුව සිත සැනසු එ'මල
වෙනස් විය මොහොතකින්.........
වට නීල වරුසාව
සමඟ රන් හිරු රැසින්
නිමා විය දෙදුන්න
ඉක්බිතිව වරුසාව;මැකී පාට පාටින්
බෝ අරණ
සිත නිවයි කියා බණ පදයකින්
බුදුදහම උගත්තෙමි
ලොවම මට කියා දුන්............

ගැහැණියක් ලෙසින් (මා ඇසූ කථාවක්)

මේඝයකි ගැහැණිය
මොහොතින් මොහොත වෙනස් වන
චපලය සුළඟක් සේ ළඟ වෙලීහිඳ
ඈත වෙනතකට හමා යන
ඔබ දකිනුයේ එසේය.
නමුත්!ජීවයේ උල්පතයි....
ආදරේ හොඩියයි ගැහැනිය...
අහෝ! එහෙත් පිරිමියා;
මේඝයන් වට කඳුලැලි වැස්සෙන්
ජීවන කතරේ අස්වනු වපුරා
බමන්නේ ඇයටයි.
සුළඟක් සේ දිගින් දිගත
වෙලි පැටලී යන
සිසිලස විඳ
අපහාසයේ දුමාරයෙන්
එය වනසා දමන දාහකයයි.....
එතින් කිමද මේ මේඝය සුළඟ ගැන පමණක්ම කථාව

Tuesday, May 4, 2010

සින්ඩ්‍රෙල්ලා;නුඹව නොපෙනුන නම්........

නයන යුග සනසනා
රුවක් නැති නම් මනබඳන.........
හඳ පාන යට නුඹව නොපෙනුන නම්......
විසුල තරු කැට අරන්
නුඹේ පය ලා ගත්ත පාවහන්
පැකිල නොතබා යන්න අමතක වුනා නම්.....
සින්ඩ්‍රෙල්ලා අද නුඹත් කොහෙවේද?
මග තොටක..............
කඩ පිලක............
කිරීටෙට අභියසක............
නුඹත් තව එක තිතක්
සිත බැඳුනු කුමරුට නුඹව නොපෙනුන නම්........