Thursday, March 4, 2010

නිරිත දිග සුළඟ නුඹ

මතකයන් දියකරන්
කොළපාට කොළයක
මුතුපට වැහි බිංදු
වැදි වැදී වැටෙනවා...
අදත් මෙ ඇසළ වැස්සට
මගෙ ගත තෙමෙනවා...
ගුරුපාට තවරාපු නැඹුල් ලෝකයම
හෙමි හෙමින් නුඹේ නම කියනවා..
ලංව නැවිත් හොරෙන්
අර පේන අහස යටට වැහි කෝඩයම ඇදන් ආ
නිරිත දිග සුළඟ නුඹ
ඈතින් වෙල හිඳ කඳුලු සුන්දරයි කියනවා......
නුවර වැව වගෙ එක් කරපු ආදරේ
මෙ සුළං රැළි වගෙ ගොළු නොවී තිබුනනම්
ඒත් එදා වැහි කෝඩයට
ඔය ඇස් බැල්ම යට
අතරමං වුනු
හිත තාම ගොළු වෙලා
ගොරව ගොරවා වැටෙන
හීන තව එහෙම මයි
තෙමි තෙමී ඇසළ වැහි තියනකල් හැමදාම
එදා වගෙම අදත් මම
හොයන්නේ නුඹේ නෙතයි

No comments:

Post a Comment