Sunday, April 7, 2013

මහගමසේකරයාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!

ඇත්ත!!! මහගමසේකරයන්ගේ උපන්දිනයක් දැනගෙන හිටියේ නෑ, මතකයේ තිබ්බෙත් නෑ!ඒත් සක්වාලිහිණි, බෝඩිම, ප්‍රබුද්ධ කියවපු දවස මතකයි!!නොමියනු කවියෙකුගෙන්
"බොරුව ඉසින අයස මඬින්,
ගත කිලි කුණු තැවරී,
කැට මුඟුරින් පහර ලබා,
දුබල අතින් පොළව බදා,
මා මෙන් ඔබ ඒ දවසේ,
අසරණ වී වැළපෙන විට,
මා ලිව් කවි මට වාගේම, ඔබ හැමටම පොදු වෙනු ඇත..
සබඳ එවිට මගේ කවියේ මා නොසොයා ඔබ දකින්න!!!"
එතුමා නොදැක්ක දවසනම් මතකයි!!මහගමසේකරයාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!