Wednesday, August 31, 2011

කවියා මැරිලා.

මේ කවියක් ලියල දෙන්න කෝ...
මොකටද???
පත්තරේට දාන්න...
දැන්???
ඔව්....
හ්ම්ම්ම්ම්ම්...
හා නේ
බෑ
ඇයි??
කවියා මැරිලා..

උමා...

සළඹ සලා කොවිල් දොර
කොනිති ගසා හිරිමල් ඉර
සිතාවුන් හඬනා විට
දුවන නුඹ උමා...
පොට්ටු තබා වත හැඩවුනු
පිච්ච මලක් ඇඳ පරවුනු
මීඳුම් සළු ඔතා බහින
කිමද නුඹ පමා...
මකුළු දැලින් සිත්තම් ලිප මත
රොටී කබල රත්වෙන තැත
දළු මුරයෙන් සරි කරනට
දිනක් ඇහැරුනා...
ඉරීවැටුන සාරි පොටින්
බදා දෙරණ රුහිර මතින්
රහස තනිව හංඟෙන
නිදිද උඹ උමා?....
සීතා කොවිල් දොරකොඩ
ගසා පොලුත්,කඳුලුතුත් හොඳ
උඹේ රහස හංඟාගෙන
ගලයි ගඟ උමා.....

හදවත් නවාතැන

මගේ ජීවිත මහී තලයට
ඉහළින් ඇදී ආ සොම්නස් මේඝය
උණු කඳුලු වලින්,තෙමාලන ජීවිතය
වැහි දියෙ රැකෙන්නට මා හැදූ හදවත් නවාතැන
අබලන්ය..
පුරාණය..
සොම්නස් තුහින
ගලා ඒවි නිවෙස්නට ඔහේ...
අතුපතු ගා සැඟවුනු කුණු රොඬු
ගියත් ඒ මුරුගසං වරුසාව නැතිය කිසිදු අමනාපයක්
මන්ද වරුසාව ටික කල්ය..
ඉක්බිතිව ප්‍රීතියේ දිනරජිඳු නැග අවුත්
පතුරාවි ආලෝකය මගේජීවන මහී තලයට......

කූඩැල්ලා

දිග්විජය කොට මෙට්ටය
බැස පොළෝතලයට
ගාටමින් දිගහැරෙයි
බලව!ලෝකයද එසේමැයි
ලෙනින් චේ ග්වේරා
අඩපණව ඇද දැමූ
ලේ උරා සැනසුනු
ඊයේ.....
සුදුමැලිව වැදහොත්,
අපේ;
රුහිරයෙන් රජවෙන
අද.....
ගාටමින් දිගහැරේ
අපෙන් පසු ලෝකයෙන්
හෙට.....
ලේ උරන හෝරාව