Monday, May 31, 2010

රෝමියෝ;ජුලියට්

සඳලුතලාවට සොමි කැලුම් ගලා නුඹ නහවන්න
ඝන අඳුර කපා නුඹ ,නීල අසු මතින් නුඹ වෙතට එන
කාලය අවසන්ය;අද අමාවක රෑය
රන් රිදී වජ්‍රෝත අතුල පියගැට බැස
ලේ වැකුනු පය තබා එන්න
ද්වාරය විවර කරන්න
ජුලියට්............
අසිපතට අසිපතින්
ආලයට වෛරයෙන්
පිළිතුරු සොයන්න ලොවක
ජිවත් වෙන්න බැහැ අපිට
ජුලියට්............
පමා විය බසින්නට සඳලු තලවෙන් බිමට
ආ මඟ දුෂ්කරය;ලේ ගලයි මඟ දිගට
අද අමාවක රෑය කොහෙද නුඹ
රෝමියෝ.............
නිසල සිතල රැයේ -නිදහසේ සුළඟ සේ
පවුරු නැතිලොකයට
එන්න අපි යන්න යමු
අසිපතට අසිපතින්
ආලයට වෛරයෙන් පිළිතුරු සොයන්න
ලොවක ජිවත් වෙන්න බැහැ අපිට
රෝමියෝ.............

No comments:

Post a Comment