Sunday, March 7, 2010

ආදරණීය දුෂ්යේන්

පොප්ලර් ගස් මුදුන්
සිප ආ මාරුතය
දැන් ගිහින් හුඟ වෙලා....
නුඹ තාම ආවෙ නෑ
හමුවෙන්න අපි පැතුව
වසත් කළ නිමවෙලා
ගිම්හනත් එලඹිලා
ඒත් නුඹ තාම නෑ
එකින් එක කඳුලැලි
බිඳෙන් බිඳ ගිලිහිලා
කඳුලැලිත් වියැලිලා.......
දහවලම නික්මගොස්
රාත්‍රිය එලඹිලා
මඟ බල හිටිය මං
ඇස් රිදෙන තුරා
එත් ආදරණීය දුෂ්යේන් නුඹ තාම ආවෙ නෑ........
-නුඹේ අල්තිනායි-

3 comments:

  1. අක්ක ඔයාගෙ මෙ කවිය ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  2. අල්තිනායි නුබට වසන්තය උදාවි ඇත. එත් අර අසරන දුෂ්යේන් තවම ලිවුම් බෙදනවා ඇත.

    ReplyDelete
  3. ස්තූතියි මල්ලියෝ...
    එත් අල්තිනාගෙ හිත තාම බලන් ඉන්නවනේ :(

    ReplyDelete