Sunday, March 7, 2010

කුණු කුනු

දෑතින් වසාගෙන
රතු පාට තොල්පෙති
නාසයද ඉනික්බිති...
හිමපාට කම්බුල් මත
රඳා නොකැමති
ලාලාට පෙනුමෙති...
දිගැස් ලඟා
ආගන්තුක හිනාවකට
අකමැති
කෙනෙක් වෙති...
කුණු ලොරියෙ කොල්ලාට
හිනා නොවුනාට කමක් නැති;
හිතවතී.....
ඒත්; කිමද මේ 'කුණු' කුනුව
කගෙවත් නොවේ
ඒ අපේ කුණුය
ඔහු අතැති.....
දුර කුලක් වී මහ වැස්සක්...........
නුදුන මුත් වියැලෙනා පොලවට
පිනි බින්දක් වත් වෙයන් මට
කර්කශව ඉරි තලා නොයනට.....

ආදරණීය දුෂ්යේන්

පොප්ලර් ගස් මුදුන්
සිප ආ මාරුතය
දැන් ගිහින් හුඟ වෙලා....
නුඹ තාම ආවෙ නෑ
හමුවෙන්න අපි පැතුව
වසත් කළ නිමවෙලා
ගිම්හනත් එලඹිලා
ඒත් නුඹ තාම නෑ
එකින් එක කඳුලැලි
බිඳෙන් බිඳ ගිලිහිලා
කඳුලැලිත් වියැලිලා.......
දහවලම නික්මගොස්
රාත්‍රිය එලඹිලා
මඟ බල හිටිය මං
ඇස් රිදෙන තුරා
එත් ආදරණීය දුෂ්යේන් නුඹ තාම ආවෙ නෑ........
-නුඹේ අල්තිනායි-

Thursday, March 4, 2010

සඳවතෙන් කවියක්..

නැතිව ඔබ මම
තවත් එක කෙම් බිමක්
ජීවයෙන් තොර
අමිහිරි කර්කෂක
නමුත් අද.........
කවි පොතෙ මුල් කවිය
සිත්තමේ මුල්පිටුව
මමයි සෞමය සඳවතිය...
ගිනිගෙන දැවෙන
හදවතම නොවසා
අවදි කරවන ජීවිතය
අරුණළු සමඟින්
රැදුරු වුවත් ලෝකටම නුඹ
මට නම් ඔබමැයි
ලොවැති සොඳුරුම
ගිනිගන්න හදවතින්
මා සෞමය කරනා
සුපෙම්බර හිරුමඬල........

.............................

ඇවිද යන්න නුඹත් එක්ක
හීන මවපු මල් පාරේ
කුඩේ යටින් හිනා වෙවී
"අපි යමු" යැයි නුඹ කිවම
හීල්ලුන මට නොදැනිම
මට හිමි තැන ඇය හිටියම.........

මජ්නූ........

වැලි කතර සිප ආව
හුළඟ නැවතිලාද
ලයිලා...
දවන හිරු කෙමි
අද මගේ හිත තරම්
දැවෙන්නෑ
ලයිලා....
කෙම්බිමක් කිය කියා
මිරිඟුවක මං රැවටිලා
ලයිලා....
නිදිබරයි වැලිකඳුත්
හිත මගේ නැවතිල
ලයිලා......
ඉරිතලපු හදවතින්
වැතිර මං මේ බිමේ
නුඹෙ පා පොඩි තියපු
වැලිකැට සිඹින
මං මෙතන ලයිලා....
නුඹෙ සුවඳ තවරාපු පණ ගැහෙන හදවතින්
වැලලිලා..................
මං මෙතන ලයිලා

නිරිත දිග සුළඟ නුඹ

මතකයන් දියකරන්
කොළපාට කොළයක
මුතුපට වැහි බිංදු
වැදි වැදී වැටෙනවා...
අදත් මෙ ඇසළ වැස්සට
මගෙ ගත තෙමෙනවා...
ගුරුපාට තවරාපු නැඹුල් ලෝකයම
හෙමි හෙමින් නුඹේ නම කියනවා..
ලංව නැවිත් හොරෙන්
අර පේන අහස යටට වැහි කෝඩයම ඇදන් ආ
නිරිත දිග සුළඟ නුඹ
ඈතින් වෙල හිඳ කඳුලු සුන්දරයි කියනවා......
නුවර වැව වගෙ එක් කරපු ආදරේ
මෙ සුළං රැළි වගෙ ගොළු නොවී තිබුනනම්
ඒත් එදා වැහි කෝඩයට
ඔය ඇස් බැල්ම යට
අතරමං වුනු
හිත තාම ගොළු වෙලා
ගොරව ගොරවා වැටෙන
හීන තව එහෙම මයි
තෙමි තෙමී ඇසළ වැහි තියනකල් හැමදාම
එදා වගෙම අදත් මම
හොයන්නේ නුඹේ නෙතයි

මේක ගොඩක් කල් මගෙ දිනපොතෙ හිර වෙල තිබ්බ මං හොයන්නෙ මෙ වගෙ ආදරයක්!ප්ලුටෝනික ආදරයක්!මිනිස්සු ආදරේ කරන්න ඕනි මතුපිට පෙනුමට නෙවෙයි!ඇතුලත පෙනුමට...........

Wednesday, March 3, 2010

සමනළුන්ට වෙඩි තියන්න..............

ඉර කොනිති ගා බැරිද
රැය යළිත් කැඳවන්න
නුඹේ සඳ නොවෙයි මට
මගෙ තරුව දැකනන්න...............
නිල අහස දැකගන්න; බැරිද
මකුළු දැළ නොබිඳින්න
පිනි බිඳක් දිලිසේවි
තුළින් එය දැකගන්න.................
ඇසිපියන් යට බැරිද
උණු කඳුල රැකගන්න
කඳුල නැති ලොවකට
මගෙ අත අරගන්න.................
හැකිවේද මුදු නොවි
රළු පරළු ශිල වෙන්න
හදා ගන්නට නොවේ
මගෙ හිත බිඳ ගන්න..................
ඔහේ සියුමැලිකමට
හැකිවුනත් පියඹන්න
බැරි වෙයිද හෙමිහිට
සමනළුන්ට වෙඩි තියන්න...............