Tuesday, October 16, 2018

උඹ නම් මාර බල්ලෙක්!!

උඹ නම් බල්ලෙක්....

මං දකින දකින කොට 
හුරතල් වෙන්න එන
උඹ නම් බල්ලෙක්!!!

මං අත හැරපු ඉම් දිගේ
ඉවක් අල්ලන් එන
උඹ නම් බල්ලෙක්!!!

මනු සතෙක් වගේ
හති වැටෙනකම්...
පිලිවෙලින් වතාවත් 
කරපු මා,  මුලාවක් කර නැති...
හිස පොදක් අත ගෑ පලියට 
ජීවිතේ දෙන්න යන...

උඹ නම් මාර බල්ලෙක්!!


Saturday, September 29, 2018

පොදු සාධකය

කුලුදුලේ මගේ හිත
කුඩුවෙන්න කඩපු ඈ..
හදන්නම් කියපු 
හිත කඩපු තී...
කැඩී වීසි කර දැමූ 
හිත ඉල්ලන උඹත්..
මැදින් ඉරි තලන..
පොදු සාධකය මගෙ ගැහෙන
තනි හිතත්....
G

Wednesday, April 25, 2018

Poet Story

Happy bliss and loved
Death of the poet...

The sad, bad the terrible....
Recarnation of the poet...

So hello my old friends 
Lets meet again....
Fill the pages.....