Monday, December 26, 2011

සාජහන්ලා...


හිනා මට...
උපන් තෙක්කට
නාඬපු මං
ආදරෙයි කිය කියා අඬන කොට
ග්ලැසියරුත් උණු වෙන්න ඕනි
එහෙමයි මට හිතුනේ
හිනා මට...
ලස්සනයි එයත්
ඒ අත්තෙන් මේ අත්තට
වැටෙන වැහි බිංඳු වගේ
හිනා මට...
ඒ පාර හදනවලු
ටජ් මහලක්..
එකත් හොඳයි..
සාජහන් කොහේ
දන්නවද
ආදරේ ගැන
හිනා මට...
අපි ගැන

Saturday, December 10, 2011

නුඹෙද ;මගෙද; ළඳ??

ප්‍රේමයට
තිත
තබන
ලද...?
වරද කාගෙද
නුඹෙද
මගෙද
ළඳ??

Wednesday, August 31, 2011

කවියා මැරිලා.

මේ කවියක් ලියල දෙන්න කෝ...
මොකටද???
පත්තරේට දාන්න...
දැන්???
ඔව්....
හ්ම්ම්ම්ම්ම්...
හා නේ
බෑ
ඇයි??
කවියා මැරිලා..

උමා...

සළඹ සලා කොවිල් දොර
කොනිති ගසා හිරිමල් ඉර
සිතාවුන් හඬනා විට
දුවන නුඹ උමා...
පොට්ටු තබා වත හැඩවුනු
පිච්ච මලක් ඇඳ පරවුනු
මීඳුම් සළු ඔතා බහින
කිමද නුඹ පමා...
මකුළු දැලින් සිත්තම් ලිප මත
රොටී කබල රත්වෙන තැත
දළු මුරයෙන් සරි කරනට
දිනක් ඇහැරුනා...
ඉරීවැටුන සාරි පොටින්
බදා දෙරණ රුහිර මතින්
රහස තනිව හංඟෙන
නිදිද උඹ උමා?....
සීතා කොවිල් දොරකොඩ
ගසා පොලුත්,කඳුලුතුත් හොඳ
උඹේ රහස හංඟාගෙන
ගලයි ගඟ උමා.....

හදවත් නවාතැන

මගේ ජීවිත මහී තලයට
ඉහළින් ඇදී ආ සොම්නස් මේඝය
උණු කඳුලු වලින්,තෙමාලන ජීවිතය
වැහි දියෙ රැකෙන්නට මා හැදූ හදවත් නවාතැන
අබලන්ය..
පුරාණය..
සොම්නස් තුහින
ගලා ඒවි නිවෙස්නට ඔහේ...
අතුපතු ගා සැඟවුනු කුණු රොඬු
ගියත් ඒ මුරුගසං වරුසාව නැතිය කිසිදු අමනාපයක්
මන්ද වරුසාව ටික කල්ය..
ඉක්බිතිව ප්‍රීතියේ දිනරජිඳු නැග අවුත්
පතුරාවි ආලෝකය මගේජීවන මහී තලයට......

කූඩැල්ලා

දිග්විජය කොට මෙට්ටය
බැස පොළෝතලයට
ගාටමින් දිගහැරෙයි
බලව!ලෝකයද එසේමැයි
ලෙනින් චේ ග්වේරා
අඩපණව ඇද දැමූ
ලේ උරා සැනසුනු
ඊයේ.....
සුදුමැලිව වැදහොත්,
අපේ;
රුහිරයෙන් රජවෙන
අද.....
ගාටමින් දිගහැරේ
අපෙන් පසු ලෝකයෙන්
හෙට.....
ලේ උරන හෝරාව

Wednesday, May 11, 2011

මම්ම යන්නම්..........

ලතෙත් හද ගැටැත් හඬ මන්ද යළි යළිත් ඉක්මන්..
සදිසි පෙම් හිතක් මගේ ආයෙමත් නුඹ ළඟක සක්මන්...
සත්තමයි ඉර හඳ; ඉකිබිදෙන කවි පද
නොයිඳ නුඹ කරන බැව් නික්මන්......
දනිමි මම් නොහැගෙනා බව නුඹට
නිමක් නැති පෙමක් ගැන කිවිකම්....
තුරුලු කරගනිමි කඳුලු, සකිසඳ!
කාරි නැත නුඹේ එබිකම්.....
නිමක් ගැන නුඹ කියන්නට පෙර
සිතත් අරගෙන මම්ම යන්නම්......................................

Sunday, April 10, 2011

පරිස්සමෙන් ගිහින් එන්න.....

හඬා අවසන්ය
කඳුලු නෑ අහවරය.....
හිතක් නැත අවශේෂ
කැඩි බිඳි තැනතැනය......
ඉතිරි කිම?
සුසුම් ලන තනිකම....
නුඹෙ මතක හැමතැනම....
හිනා වෙන නුඹ ඔතන
මම මෙතන තනියෙම....
ආයෙමත් තව හිතක
ඇති නුඹෙ සැනසීම....
සුසුම් ලන මම මෙතැන හැමදාම...
ඉතින්;
නුඹ
පරිස්සමෙන් ගිහින් එන්න.....