උඹ නම් බල්ලෙක්....
මං දකින දකින කොට 
හුරතල් වෙන්න එන
උඹ නම් බල්ලෙක්!!!
මං අත හැරපු ඉම් දිගේ
ඉවක් අල්ලන් එන
උඹ නම් බල්ලෙක්!!!
මනු සතෙක් වගේ
හති වැටෙනකම්...
පිලිවෙලින් වතාවත් 
කරපු මා,  මුලාවක් කර නැති...
හිස පොදක් අත ගෑ පලියට 
ජීවිතේ දෙන්න යන...
උඹ නම් මාර බල්ලෙක්!!
 
No comments:
Post a Comment