Wednesday, August 31, 2011

උමා...

සළඹ සලා කොවිල් දොර
කොනිති ගසා හිරිමල් ඉර
සිතාවුන් හඬනා විට
දුවන නුඹ උමා...
පොට්ටු තබා වත හැඩවුනු
පිච්ච මලක් ඇඳ පරවුනු
මීඳුම් සළු ඔතා බහින
කිමද නුඹ පමා...
මකුළු දැලින් සිත්තම් ලිප මත
රොටී කබල රත්වෙන තැත
දළු මුරයෙන් සරි කරනට
දිනක් ඇහැරුනා...
ඉරීවැටුන සාරි පොටින්
බදා දෙරණ රුහිර මතින්
රහස තනිව හංඟෙන
නිදිද උඹ උමා?....
සීතා කොවිල් දොරකොඩ
ගසා පොලුත්,කඳුලුතුත් හොඳ
උඹේ රහස හංඟාගෙන
ගලයි ගඟ උමා.....

No comments:

Post a Comment