Thursday, April 23, 2020

Breaking

On a summer night...
Hear the sound of a breaking heart...
On a living nightmare...
Hear the sound of crumbling faith...

On a house of lies..
Be the spectator of fallen love..
Reminisce on the glory days as you cry..
And keep the peices of forgotten love..

At the start of the broken road....
Stare at the ghost of deceited love..
Say a prayer and bid farewell...
To the lost heart and to yesterday you..


Tuesday, October 16, 2018

උඹ නම් මාර බල්ලෙක්!!

උඹ නම් බල්ලෙක්....

මං දකින දකින කොට 
හුරතල් වෙන්න එන
උඹ නම් බල්ලෙක්!!!

මං අත හැරපු ඉම් දිගේ
ඉවක් අල්ලන් එන
උඹ නම් බල්ලෙක්!!!

මනු සතෙක් වගේ
හති වැටෙනකම්...
පිලිවෙලින් වතාවත් 
කරපු මා,  මුලාවක් කර නැති...
හිස පොදක් අත ගෑ පලියට 
ජීවිතේ දෙන්න යන...

උඹ නම් මාර බල්ලෙක්!!


Saturday, September 29, 2018

පොදු සාධකය

කුලුදුලේ මගේ හිත
කුඩුවෙන්න කඩපු ඈ..
හදන්නම් කියපු 
හිත කඩපු තී...
කැඩී වීසි කර දැමූ 
හිත ඉල්ලන උඹත්..
මැදින් ඉරි තලන..
පොදු සාධකය මගෙ ගැහෙන
තනි හිතත්....
G

Wednesday, April 25, 2018

Poet Story

Happy bliss and loved
Death of the poet...

The sad, bad the terrible....
Recarnation of the poet...

So hello my old friends 
Lets meet again....
Fill the pages.....

Friday, July 26, 2013

කලාමැදිරි පෙම..

සුපෙම්බර ගගන!!
ලැබඳි තරුපතිනි ඉකුත් වූ කල
හඬා නිහඬව නුබ වැසූහිද තරු ඉඳුවර?
විවරනු මැන බිඳක් ඔය නෙත..
බිඳලනු මැනැවි මේ කලුවර..
නුඹට පෙම් නැති සඳවතියගෙන් කුමන පල ඇති?
නුඹ නමින් දිදුලන...
ඇඳුරු නුඹට පෙම් බඳින..
අන්වීක්ෂීය 
මම මෙතැන!!

Sunday, April 7, 2013

මහගමසේකරයාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!

ඇත්ත!!! මහගමසේකරයන්ගේ උපන්දිනයක් දැනගෙන හිටියේ නෑ, මතකයේ තිබ්බෙත් නෑ!ඒත් සක්වාලිහිණි, බෝඩිම, ප්‍රබුද්ධ කියවපු දවස මතකයි!!නොමියනු කවියෙකුගෙන්
"බොරුව ඉසින අයස මඬින්,
ගත කිලි කුණු තැවරී,
කැට මුඟුරින් පහර ලබා,
දුබල අතින් පොළව බදා,
මා මෙන් ඔබ ඒ දවසේ,
අසරණ වී වැළපෙන විට,
මා ලිව් කවි මට වාගේම, ඔබ හැමටම පොදු වෙනු ඇත..
සබඳ එවිට මගේ කවියේ මා නොසොයා ඔබ දකින්න!!!"
එතුමා නොදැක්ක දවසනම් මතකයි!!මහගමසේකරයාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!

Sunday, March 3, 2013

මළ හද;සඳ



බලන් සකි සඳ!
හන්තාන ගිරි හිසට
නොවැඩි හද සඳ..

කමා කල මැන සඳට!
එළිය දුන්නත්  රැයට;
මිය ගොසින් බොහෝ කල්ය...

ඉතින්, කුමට හඬ ගසනුය
හන්තාන ගිරි හිසට?
පින් වඩනු මැන,
පෙම් කරනු අතහැර...